උතුරේ ජනතාව අතර ජනප්‍රිය බවට පසුගිය සමයේ විවිධ මාධ්‍ය වාර්තා පළ වූ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සමගි ජනබලවේගය සමග එක්ව තිබෙනවා.
සමගි ජනබලවේගයේ සමගින් එක් වූ ඔහුට දේශීය හා විදේශීයව ජාතික සමගිය, සාමය, සංහිඳියාව ඇති කිරීමේ සමගි ජන බලවේග කමිටුවේ ප්‍රධානී තනතුර ලබා දී තිබෙනවා.
ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින්.
යුද හමුදා සේවය වෙනුවෙන් ලුතිනන් බන්දු රණ වික්‍රම සහ රණ ශූර පදක්කම් ද්විත්වයෙන් දෙවරක් පිදුම් ලැබූ අතර ඊට අමතරව දේශපුත්‍ර සම්මානය, රිවිරැස මෙහෙයුම් පදක්කම, පුර්ණ භූමි පදක්කම ආදී සම්මාන හා පදක්කම් රාශියක් ලබා ඇති බවයි සඳහන් වන්නේ.

