Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හරිනිට ජනපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙස ඉල්ලීමක්

3 years ago

ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂකයා ලෙස පත්කළ යුත්තේ ආචාර්ය හරිනි අමරසූරිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

කොළඹ විපක්ෂ නායක කාර්යා­ලයේ පැවැති මධ්‍ය හමු­වට එක්වෙ­මින් ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය මෙසේ පැවසුවාය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේද කීවාය.

අනුර කුමාර දිසානායකට තියෙන්නේ භයානක කිලුටු අතීතයක්. හරිනියට එහෙම නැහැ. ඇයට හොඳ දේශපාලන ගමනක් තියෙනවා. පක්ෂයේ ජනපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන්න ඕනෑ ඇයයි.