Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ උද්දික ප්‍රේමරත්න යළි දේශපාලන පොර පිටියට

3 years ago

නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට එක් වීමට බලාපොරොත්තු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ ක‌ළේ, පෞද්ගලික Youtube නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

මෙරට පවතින ක්‍රමය වෙනස් කිරීමට නව පරපුරක නායකත්වයක් අවශ්‍ය බවට ඔහු අවධාරණය කරනවා.

නායකත්වය රැකියාව නොකරගත් පිරිසක් සමඟ ඉදිරි ගමන යා යුතු බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එකම රාමුවක් යටතේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බව උද්දිකගේ මතය වනවා.

තමන්ගේ දේශපාලන මතය ශ්‍රී ලංකා භූමියේ ස්ථාපිත කළ හැකි කණ්ඩායමක් සමඟ දේශපාලනය එක් වීම තම බලාපොරොත්තුව බව ද උද්දික ප්‍රේමරත්න මහතා කියා සිටියා.

එමෙන් ම කැනඩාවේ දේශපාලන රැකවරණයක් ඉල්ලා නොමැති බවයි ඔහු අවධාරණය කළේ.

වසරක පමණක කාලයක් කැනඩාවේ රැඳි සිට රැකියාවක් කිරීම බලාපොරොත්තු වන බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් වූ ලිපිය කැනඩාවේ සිටි කතානායකවරයා වෙත යොමු කළ බවයි, ඔහු එහි දී අනාවරණ කළේ.

දේශපාලනය එක්වීම හේතුවෙන් තමන්ට සිය කලා ක්ෂේත්‍රය අහිමි වූ බව ද උද්දික ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළා.

මෙරට මුහුණ දෙන ප්‍රශ්න විසඳීම සඳහා අග්‍රාමාත්‍ය ධුරය ද තමන් ඉල්ලූ බවයි, ඔහු අදාළ සම්මුඛ සාකච්ඡාවේ දී කියා සිටියේ.