ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.
ඔහුව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් රැසක් පැමිණ සිටියහ.
එම අවස්ථාවට පැමිණ සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා බැසිල් රාජපක්ෂ අතර රහස් සාකච්ඡාවක් ගුවන්තොටුපළෙහි පිහිටි විශේෂ අමුත්තන්ගේ කාමරයේදී පවත්වා ඇති බව වාර්තා වනවා.
එහි දී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ.
ගුවන්තොටුපළෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා.
“වෙනසක් කරන්න අවශ්‍ය තැන්වල දී කරනවා. මම හැමදාමත් දෙසැම්බර් මාසයේ යනවා. අවුරුද්දේ දවස් කිහිපයයි දරුවෝ එක්ක ඉන්නේ. ඒ දවස් ටික ගත කරලා ආවා. ඉදිරියේ දී ශක්තිමත්ව වැඩ කරනවා. නිල වශයෙන් ජනාධිපතිවරණය තියන්න ඔනේ. හැබැයි, ඊට ඉස්සර පාර්ලිමේන්තුව විසුරුවොත්, මන්ත්‍රීවරුන් තීරණය කළොත් අපිට මහමැතිවරණයක් තියන්න පුළුවන්. මොන මැතිවරණය තිබ්බත් මම සංවිධාන කරනවා. කවුරු ජනාධිපති වුණත් පොහොට්ටුවේ සහයෝගයෙන් තමා එන්නේ. පොහොට්ටුව ශක්තිමත්. ඒ නිසා තමා තියපු ඡන්ද තුනම දින්නේ. අපි කිසිම දවසක ජනතාව රවට්ටලා නැහැ. සමහර තැන්වල දී වරදිනවා. ජනතාව කියපු දෙය අපි පිළිගත්තේ නැහැ. අපි කියපු දේවල් ජනතාව පිළිගත්තේ නැහැ.”

