Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කලක් නිහඬව සිටි ජනපති රනිල් මාර්තු 10 වනදා යළි දේශපාලන පිටියට

3 years ago

එළඹන ජනාධිපතිවරණ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිය කුලියාපිටියේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව එළැඹෙන 10 වනදා ‘සැබෑව’ යන තේමාවෙන් කුලියාපිටියේදී පස්වරු දෙකට එම රැළිය පැවැත්වීමට නියමිතය.

වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත් වීමෙන් පසුව දේශපාලන රැලියකට සහභාගි වන පළමු අවස්ථාව මෙය වීන විශේෂත්වයකි.

එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් පැවසුවේ එම රැළිය එක්සත් ජාතික පක්ෂයේ රැලියක් බවත් පක්ෂ නායකයා ලෙස ඊට සහභාගී වන ලෙස ජනාධිපතිට ආරාධනා කළ බවත්ය.

කෙසේ නමුත් ජනාධිපතිවරයා නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ජරාධිපතිවරණයට තරග කරන බවද පැවසූ ඔහු විවිධ දේශපාලන පක්ෂ සන්ධාන වශයෙන් පවත්වන සියලු රැළි අවසානයේ ජනාධිපතිවරයාට සහාය පල කරනු ඇති බවත් කියා සිටියේය.