Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනුර, මෛත්‍රී හා පාඨලී තීරණාත්මක දේශපාලන සාකච්ඡාවක

3 years ago

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක සහ අනුර ප්‍රියදර්ශන යාපා අතර තීරණාත්මක දේශපාලන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාව නිදහස් පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි මැතිවරණයක දී සන්ධාන ගත වීම පිළිබදව මෙහිදි සාකච්ඡා වී ඇති බවයි එම ආරංචිමාර්ග පවසන්නේ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය මහින්ද අමරවීර සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානයේ ලකුණක් නම් කිරීම සඳහා ඊට එක්වන පක්ෂවල නියෝජියන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද මෙහිදී තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් පක්ෂ 5ක නායකයින් සන්ධාන ගතවීමට සාකච්ඡා කර තිබෙනවා.