රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩි ඡන්දයෙන් තේරී පත් වී තිබෙනවා.
මීට පෙර එම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරයි.
කෝප් කමිටුවේ කාර්යය වන්නේ රාජ්‍ය සංස්ථාවල සහ යම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් ද ඒ ගිණුම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තා ද පරික්ෂා කිරීමය.
එහි අරමුණ වන්නේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය පවත්වාගෙන යාම සහතික කිරීමය.
මීට අමතරව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යළි පත් කෙරුණු බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

