ඊයේ (7) රාත්‍රියේ ජනපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන දෙදෙනා සහ පසුගියදා ඇමරිකාවේ සිට පැමිණි බැසිල් රාජපක්ෂ අතර තීරණාත්මක දේශපාලන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී ඉදිරි දේශපාලන තත්වය පිළිබඳ වැදගත් තීන්දු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වනවා.
මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ ප්‍රථමයෙන් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයද නැතහොත් මහ මැතිවරණයද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.
එම සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් වාර්තා වී නොමැත.

