ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමෙන් පසු සිය ප්‍රථම ප්‍රචාරක රැලිය සනිටුහන් කරමින් කුලියාපිටියෙන් අද සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
“සැබෑව” යන්න තේමා කරගත් මෙම උත්සවය අද පස්වරු 02ට කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේ ජනාධිපති වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම නිසා ඔහුගේ අපේක්ෂකත්වය සඳහා විවිධ දේශපාලන ආයතනවලින් පුළුල් සහයෝගයක් ලැබී ඇති බවයි.

