Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිගේ ‘සැබෑව’ ජන රැළියට ජන ගඟක්! සහන දීමේ විප්ලවයක් අරඹන්න ජනපති සැරසෙයි! (ඡායාරූප)

3 years ago

අද එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ඉලක්කගත පළමු මහජන රැලිය වන “සැබෑව” නමින් අද කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

විශාල ජනකායක් රැලිය සඳහා සහභාගී වී තිබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් එය සංවිධානය කර තිබුණා.

බින්දුවට වැටුණු රට ගොඩ නැගීමට සහය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,සමගි ජන බලවෙිගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලුම පාක්ෂික ජනතාවට ස්තුති කරන බව කී ජනාධිපතිවරයා තමා කිසි විටෙක පටු දේශපාලනයට හිර නොවන බව අවධාරණය කළේය.

එමෙන්ම ඉදිරියේදී ජනතාවට සහන දීමේ විප්ලවයක් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.