ප්‍රකට ව්‍යාපාරික, ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද සහභාගී වී තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් වන අතර වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන එම පක්ෂයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද වෙයි.
එම සමුළුවට එක් වූ වීරසුමන මන්ත්‍රීවරයා විසින් කතාවක්ද පැවත්වීම කාගේත් අවධානයට ලක් විය.
ශ්‍රී ලංකාව ගොඩගත හැකි ආර්ථික වැඩසටහනක් මව්බිම ජනතා පක්ෂය සතුව ඇති බව එම සමුළුව අමතමින් ඔහු කියා සිටියේය.

