Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවසකට ලොරියක් කඩා වදී

3 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ නිවස වෙත ලොරි රථයක් කඩා වැඳී අනතුරක් සිදුව තිබෙනවා.

මන්ත්‍රීවරයාගේ බලංගොඩ මිරිස්සවත්ත පාරේ පිහිටි නිවසට ඉහළින් ඇති මාර්ගයේ මෙම ලොරි රථය නවතා තබා තිබියදි එකවර නිවස දෙසට ධාවනය වී ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරින් මන්ත්‍රීවරයාගේ ජීවිතයට කිසිදු හානියක් සිදුවි නැහැ.

අනතුර සිදුවීමට මොහොතකට පෙර මන්ත්‍රීවරයා එම ස්ථානයේ සිට ඇති අතර අනතුර සිදුවීමට සුළු මොහොතකට පෙර මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

මේ වන විට වලේබොඩ මන්ත්‍රීවරයා කෝප් කමිටුවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරනු ලබනවා.