Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රට පුරා ව්‍යවසායකයින් බිහි කරන ජනපතිගේ වැඩසටහනට රවීගෙන් සවියක්

3 years ago

ලස්සන ලංකා සංවිධානයේ ලංකාව පුරා විහිදී ඇති තරුණ කණ්ඩායම් හා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අතර හමුවක් අද(19) පවත්වා තිබේ.

ඒ උතුරු කොළඹ පිහිටි රවී කරුණානායක මහතාගේ කාර්යාලයේදීයි.

රට පුරා ව්‍යවසායකයින් බිහි කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩසටහන සාර්ථක කර ගන්නා ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

එහිදී හිටපු මුදල් අමාත්‍යවරයා තරුණයින්ගෙන් ඉල්ලා සිටියේ ජනපතිගේ වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් තමන් ගෙන යන වැඩපිළිවෙළ හා එක්වන ලෙසයි.