නව සන්ධානයේ නායකත්වය ලබාගැනීමට කැමැත්ත පළ කළ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය ස්ථාවරය වෙනස් කිරීමත් සමග නිදහස් පක්ෂ සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් මතුව ඇත.
නව සන්ධානය පිළිබඳව සාකච්ඡා කිහිපයක් පසුගිය දින කිහිපය තුළ නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර එහිදී මෙම අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.
නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පසුගියදා පක්ෂ මුලස්ථානයේදී පවත්වා ඇති අතර ඉදිරි ක්‍රියාමාර්ග සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳව මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස කරුණු හුවමාරු කර ඇති බව වාර්තා වේ.

