පසුගිය සමයේදී රට තුළ පැවති අරගලය ගැන මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපති ධූරය ලබාගන්නා ලෙසට ඇතැම් දේශපාලනඥයින් තමන්ට බලපෑම් කළ ආකාරය සම්බන්ධයෙන් එළබෙන බදාදා (20) දිනයේදී තමා හෙළිදරව්වක් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
ඩේලි මිරර් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් බව කථානායක මාධ්‍ය ලේකම් ඉඳුනිල් යාපා අබේවර්ධන මහතා සඳහන් කර ඇත්තේ තමාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම කරුණු ඉදිරිපත් කිරීමට මහින්ද යාපා අබේවර්ධන මහතා සූදානමින් පසුවන බවයි.
කථානායකවරයාට එරෙහිව නිකුත් කර ඇති ස්ථාවර නියෝගවලට අනුව ඔහුට විවාදයට සහභාගි විය නොහැකි බැවින් මෙම විශේෂ ප්‍රකාශය කිරීමට තීරණය කළ බවද ඉඳුනිල් යාපා අබේවර්ධන මහතා තවදුරටත් පෙන්වා දෙනවා.

