Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් උපවාසයකට සැරසෙයි

3 years ago

කෝප් කමිටුවේ සභාපති ධුරය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

ඔහු පැවසුවේ එම පත්කිරීම මඟින් කෝප් කමිටුව හෑල්ලුවට පත්වන බවයි.

කෝප් කමිටුවෙන් මේ වනවිට මන්ත්‍රීවරුන් 8 දෙනෙක් පමණ ඉවත් වී ඇති බවත් කෝප් කමිටු සභාපතිවරයාව ඉවත් නොකළහොත් උපවාසයකට යෑමට සිදුවිය හැකි බවද ඔහු පැවසීය.

කෝප් කමිටුවේ සභාපති ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා ව පසුගියදා පත් කෙරුණු අතර එම පත්කිරීමට එරෙහිව විවිධ පාර්ශ්ව විරෝධය දක්වති.