ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුනේ නිර්මාතෘ සහ හිටපු අමාත්‍යවරයෙකු වන බැසිල් රාජපක්ෂ අතර හමුවක් අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙනවා.
ජනාධිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂට කල ආරාධනාවකට අනුව මෙම හමුව පැවැත්වෙනු ඇතැයිද සඳහන්.
මෙහිදි ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණවලින් ජනාධිපතිවරණයකට පෙර මහා මැතිවරණයක් පැවැත්වීමට ඇති හැකියාව පිලිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයිද ඉදිරි දේශපාලන කටයුතු පිලිබඳවද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙනවා.

