Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති එක්ක බැහැ කියා ‘සී-නෝර්’ සභාපති ගෙදර යයි! අල්ලස් ඉල්ලමින් ඇමති මරණ තර්ජන කරන බවට ලිපියක්!

3 years ago

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ මරණීය තර්ජන හේතුවෙන් තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනාධිපතිවරයාට ලිපියකින් දන්වා ‘සී-නෝර්’ පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා තමාට තර්ජනය කරමින් අල්ලස් ඉල්ලන බවත්, ඒවා ලබා නොදුන් ඇතැම් අවස්ථාවල විවිධ මාර්ගවලින් මරණීය තර්ජන කරන බවත් සඳහන් කරමින් ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සිය ලිපියෙන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව සඳහන්.

පාඩු ලබමින් පැවති ධීවර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සීමාසහිත ‘සී-නෝර්’ පදනම තමා භාරගැනීමෙන් අනතුරුව ලාභ ලබන තත්ත්වයකට ගෙන ආ බව හෙට්ටිආරච්චි මහතා සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

තමා සභාපති ධුරය භාරගත් පසුව ආයතනයේ තිබූ රුපියල් කෝටි පහක බැංකු අයිරාව ගෙවා ආයතනය ලාබ ලබන තත්ත්වයට පත් කළ බවත්, ‘සී නෝර්’ අවන්හලේ නඩු කටයුතු නිමවා රුපියල් ලක්ෂ 80ක මුදලක් ආයතනයට ලබා ගත් බවත් එහි සඳහන්.

පියල් නිශාන්ත මහතා එම ආයතනයේ සේවකයන් 20කට නව පත්වීම් ලබාදුන් බවත්, ඔවුන්ට අමාත්‍යාංශයෙන් වැටුප් ගෙවන ලෙස තමාට බලපෑම් කරන බවයි එහි දක්වා ඇත්තේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම තර්ජන හේතුවෙන් තමා බලවත් චිත්ත පීඩාවකට පත්ව රාජකාරී කටයුතු කර ගැනීමට අපහසුවී ඇති බැවින් තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක් ගත් බව දුලාන් හෙට්ටිආරච්චි මහතා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.