Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ranil wickramasinghe and basil rajapakshe

ජනපති නිසා පොහොට්ටුවේ බරපතළ අර්බුදයක්! පක්ෂය දෙකට කැඩෙන ලකුණු!

3 years ago

ජනාධිපතිවරයා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ(21) රාත්‍රියේ පවත්වා තිබෙනවා.

මෙහිදී ඉදිරි මැතිවරණ සහ දේශපාලන තත්වය පිළිබඳ දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබෙනවා.

ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට පැවසීමෙන් අනතුරුව මෙම හමුව යොදා ගැනීම විශේෂත්වයකි.

බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා වෙත එම සාකච්ඡාවේදී සිය ස්ථාවරය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණයට පෙර කඩිනම් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

එහෙත් එම සාකච්ඡාවේදීද පවත්වන මැතිවරණය පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමට සමත්ව නැති බවයි සඳහන් වන්නේ.

ජනපතිවරණය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මත ගැටුමක් නිර්මාණය වී තිබෙනවා.

රාජපක්ෂ හිතවාදීන් පළමුව මහමැතිවරණයක් පැවැත්විය යුතු බවට ප්‍රකාශ කළද පොහොට්ටුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය හා එකඟ වෙමින් පළමුව ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින බව වාර්තා වනවා.