ඉතා වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සාමාජිකයින් සතිඅන්තයේ දී කොළඹට කැඳවීමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභිකයින්, විධායක කාරක සභිකයින්, ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්, පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සියලු නිලධාරීන් මෙලෙස පක්ෂ මුලස්ථානය වෙත කැඳවා ඇති බව වාර්තා වේ.
මෙම රැස්වීමට පැමිණීම අනිවාර්ය බවට ද සියලු සාමාජිකයින් වෙත ලිඛිතව දන්වා තිබීම විශේෂත්වයකි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නිමල් ලංසා ප්‍රමුඛ පිරිස් එක්ව නිර්මාණය කිරීමට නියමිත නව සන්ධානයේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම වෙනුවෙන් මෙම නව සන්ධානය ක්‍රියාත්මක වේ.

