Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකට බෝම්බ ප්‍රහාරයක්

3 years ago

කඩවත, ඇල්දෙනිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයට ඊයේ (26) අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් එම පක්ෂ කාර්යාලයට එල්ල කර ඇති බව එම නිලධාරියා පැවසීය.

පොලිසිය සැක පලකරන්නේ දේශපාලනික පළිගැනීමක් මේ සඳහා මුල් වී ඇති බවටයි.

පක්ෂ කාර්යාලය ඉදිරියේ ඇති මාර්ගයේ තිබී ජීව අත්බෝම්බයේ කොපුව හමුවී තිබූ අතර එම අත් බෝම්බය පක්ෂ කාර්යාලය තුළ තිබියදී සොයාගෙන තිබේ.

බෝම්බ ප්‍රහාරය එල්ල කළද බෝම්බය පිපිරී නොයාම නිසා කිසිඳු හානියක් සිදු වී නොමැත.

කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.