Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජාතික රූපවාහිනියට ලක්ෂ 9ක පොල්ලක් තැබූ රාජ්‍ය ඇමතිනියට එරෙහි නඩු පැවරීමට සැරසෙයි

3 years ago

නවගමුව පෙරහර සජීවී ලෙස විකාශය කිරීම  වෙනුවෙන් රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැරි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එම හිග මුදල ගෙවන ලෙසට සිහිකැඳවීම් ගණනාවක් කර ඇතත්  තවමත් එම මුදල ගෙවා නැති බවට ජාතික රූපවාහිනි සංස්ථාව පවසනවා.

මේ සම්බන්ධයෙන් ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ප්‍රසාද් සමරසිංහ මහතා පැවසූවේ රාජ්‍ය අමාත්‍යවරිය එම මුදල නොගෙවීමෙන් සංස්ථාවට විශාල ගැටලුවක් මතු වී ඇති බවයි.

ඇය මෙම රූපවාහිනී සජීවී විකාශය ලබාගෙන තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මස පැවැති නවගමුව පෙරහර සඳහා බවයි වාර්තා වන්නේ.

එම සජීවී විකාශය ලබාදී තිබුණේ විකාශය සඳහා වැයවන මුදල තමාගේ අතින් ගෙවන බවට ඇය රූපවාහිනි සංස්ථාවට ලිඛිතව දැන්වීමෙන් පසුව බව සඳහන්.

මේ සම්බන්ධයෙන් සංස්ථාවේ ගිණුම් අංශයේ උසස් නිලධාරියකු පැවසුවේ  එම හිඟ මුදල නොපමාව ගෙවීම් නොකළහොත් ඇයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.