Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

patali champika ranawaka - පාඨලී චම්පික රණවක

බිහිවන නව සන්ධානයේ ජනපති අපේක්ෂකත්වය බාර ගැනීමට සූදානම් බවට පාඨලීගෙන් ප්‍රකාශයක්

3 years ago

ඉදිරියේදී නිර්මාණය කරනු ලබන නව සන්ධානය යටතේ ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකත්වය තමන්ට ලබාදුනහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.

රට ගොඩනැගීමේ අරමුණින් දේශපාලන පක්ෂ සමග නව සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

සන්ධානය විසින් වෙනත් පුද්ගලයෙකු නම් කළද ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවද හෙතෙම අවධාරණය කළේය.

හෝමාගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේය.