2024 පෙබරවාරි මාසයට අදාළව ජනාධිපතිවරණ ඡන්ද අභිප්‍රාය මත ඇස්තමේන්තු අනුව ජාතික ජන බලවේගය/ ජනතා විමුකිති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට සියයට 53ක ප්‍රතිශතයක් ලබමින් ඉදිරියෙන් පසුවෙන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කළ සමීක්ෂණයක දැක්වෙයි.
මෙම සමීක්ෂණය අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සියයට 34ක්, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සියයට 6ක් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට සියයට 7ක ඡන්ද ප්‍රතිශතයක් මෙම සමීක්ෂණයට අනුව හිමිව පවතී.



