ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක මහතාව ඉවත් කර තිබේ.
එසේම භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර යන මහත්වරුන්ව ඉවත් කර තිබේ.
ඒ අනුව ජාතික සංවිධායක තනතුර සඳහා මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන මහතාත්, භාණ්ඩාගාරික ධුරය සඳහා බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා හා ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුර සඳහා සරත් ඒකනායක මහතාත් පත් කර තිබේ.
ඩාර්ලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (30) පැවති ශ්‍රීලනිප රැස්වීමේ දී විධායක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
මෙම රැස්වීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් කැඳවා තිබුණ බවද වාර්තා වේ.

