Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අයි.එම්.එෆ් ප්‍රතිංස්කරණ ඉවර වෙනකම් මැතිවරණයක් නැහැ! ජනපති මැතිවරණ කොමිසමට දැනුම්දෙයි!

3 years ago

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුවත් කර තිබෙනවා.

රට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉතා වැදගත් බැවින් ප්‍රමුඛතාවය දිය යුත්තේ එම වැඩසටහනට බව ජනාධිපතිවරයා සඳහන් එහිදී සඳහන් කළා.

අමාත්‍ය මණ්ඩලය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවූ අවස්ථා වලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ජූලි මස අග වන තෙක් ක්‍රියාත්මක බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපවැත්වෙනු ඇතැයිද ජනාධිපතිවරයා කියා සිටියා.

ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවට මෙයින් ඉඟියක් දී ඇති බවට ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.