Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විජයදාස රාජපක්ෂගෙන් අමුතුම දේශපාලන පිම්මක්

3 years ago

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැවැන්ත පුපුරා යෑමක් ඊයේ (30) සිදු විය.

ජනාධිපතිවරණය අරමුණු කර ගනිමින් ගොඩනැගීමට නියමිත නව සන්ධානය බිහි කිරීමට බාධා කළ බව පවසමින් ආණ්ඩුවට සම්බන්ධ වී ඇමැති තනතුරු ගෙන කටයුතු කරන ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීම මෙයට හේතු වී තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කරන දුෂ්මන්ත මිත්‍රපාල එහිදී පවසා ඇත්තේ පක්ෂ අභ්‍යන්තරයේ සිටින දෙපිටකාට්ටු නිලධාරීන් නිසා ප්‍රශ්න මතු වී ඇති බවයි.

මේ අතර විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර කටයුත්තක් වන උක්ත රැස්වීමට සම්බන්ධ කරගෙන තිබීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත්ව තිබුණි.

දේශනයක් පැවැත්වීම සඳහා ඔහු සහභාගී වූ බව පැවසුවද සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ ඔහු ලබා දුන් පිළිතුරු පිළිබඳව මේ වන විට දේශපාලන ලෝකය තුළ දැඩි කතාබහක් නිර්මාණය කිරීමට සමත් වී තිබේ.

එම වීඩියෝව පහතින්.