Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෛත්‍රීපාල සිරිසේනගේ ඉල්ලීමට දයාසිරි පයින් ගසයි

3 years ago

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධූරය භාරගෙන නැවත පක්ෂයට එකතු වන ලෙසට දන්වා ඇතැයි වාර්තා වේ.

පසුගිය බදාදා දයාසිරි ජයසේකර මහතා ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවෙසට කැඳවා මෙම ආරාධනය කර ඇත.

එලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධූරය බාරගන්නේ නම් දැනට ඔහුට විරුද්ධව පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය ඉවත් කරගන්නා බවට මෛත්‍රීපාල මහතා පවසා තිබේ.

නමුත් දයාසිරි ජයසේකර මහතා දැනුම් දී ඇත්තේ මහ ලේකම් තනතුර හැර වෙනත් තනතුරු බාර ගැනීමට තමන් සූදානම් නොමැති බවයි.

කෙසේ වෙතත් හිටපු ජනපතිවරයා ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත් පක්ෂ මහ ලේකම් ධූරය හැර වෙනත් තනතුරක් බාර නොගන්නා බවට දැනුම් දී දයාසිරි ජයසේකර මහතා පිටව ගොස් තිබේ.