Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා මම – දිලිත් ජයවීර

3 years ago

බැසිල් කියන අමෙරිකන්කාරයට මේ රටේ මැතිවරණ තීරණය කරන්න දෙන්න බෑරි බවත් මේ රට රාජපක්ෂලාගේ බුදලයක් නොවන බව දිලිත් ජයවීර මහතා පවසනවා.

ප්‍රසන්න රණතුංග පෙහොට්ටුවට අපේක්ෂකයෙක් නොමැති බව පවසන නමුත් එය බැසිලගේ පොහොට්ටුව යැයි පැවසු දිලිත් ජයවිර ජනතාවගේ පොහොට්ටුවට අපේක්ෂකයෙක් සිටින බවත් ඒ ඔහු බවත් පවසා තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් දිලිත් ජයවිර මහතා පවසා සිටියේ,
“මහින්ද රාජපක්ෂ යුග පුරුෂයෙක් වෙන්න පුළුවන්. හැබැයි අපි කියනවා එතුමාගේ සහෝදරයාට සහ පවුලේ අයට තේරුම් කරලා දෙන්න මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජිවිත සෙල්ලමකට ගන්න එක මෙතනින් එහාට අවසන් බව. මේක බැසිල් කියන ඇමරිකන්කාරයට සැරින් සැරේ නිවාඩුවට ඇවිල්ලා විහිලුවට නාඩගම් නටලා යන්න පුළුවන් රටක් නෙමෙයි. මේ රටේ පවත්වන්න ඕන මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයද, ජනපතිවරණයද කියන එක බැසිල් කියන ඇමරිකන්කාරයට තීරණය කරන්න දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජාතික දේශපාලනය, රාජ්‍ය පරිපාලනයට අත ගන්න බැසිල් කවුද.

ප්‍රසන්න රණතුංග කියනවා මේ පොහොට්ටුවට ජනපතිවරණයට අපේක්ෂකයෙන් නැතිලු. මං අහන්නේ කොයි පොහොට්ටුවටද අපේක්ෂකයෙක් නැතේ. බැසිල්ගේ පොහොට්ටුවටද? ඔව්, බැසිල්ගේ පොහොට්ටුවට අපේක්ෂකයෝ නෑ. හැබැයි ජනතාවගේ පොහොට්ටුවට අපේක්ෂකයෙක් ඉන්නවා. ඒ තමයි මම.

පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලාගේ දේපලක් නෙමෙයි. එක හැදුවේ අපි. මම තමයි පොහොට්ටුව අතින් ඇන්ද මනුස්සය. අලුත් රටක් කියන තේමාව ලිව්වේ මම. 69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ බැසිල්ටවත් නාමල්ටවත් නෙමෙයි. මිනිස්සු ඡන්දේ දුන්නේ රටට තියන දේශප්‍රේමී බවට.”