Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිණියකව මරා දමයි

3 years ago

කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිව සිටි ජාතික ජන බලවේගයේ තෙල්දෙණිය කාන්තා බල මණ්ඩලයේ ප්‍රබල ක්‍රියාකාරිණියක් ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇගේ අනියම් සැමියා බව කියන ද්විත්ව පුරවැසිභාවයක් හිමි 50 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 24 වැනිදා රාත්‍රීයේ ඇය සිය අනියම් සැමියාගේ නිවසේ රැදී සිට තිබෙනවා.

එදින ඇය වැටී තුවාල වූ බව පවසමින් මොහු ඇයව මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

නමුත් තුවාල සම්බන්ධයෙන් ඇතිවුණු සැකයක් මත රෝහලින් සිදුකළ දැනුම්දීමකට අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොට ආයුධයකින් පහරදී ඇයව ඝාතනය කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.