සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමගින් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව විවාදයකට පැමිණෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පසුගියදා ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් සිදුකළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ කියා සිටියේ ඉදිරියේදී පැමිණෙන්නේ ජනාධිපතිවරණයක් බැවින් එම විවාදය සමගි ජන බලවේගයෙන් නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්විය යුතු බවය.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් ලිඛිතව ආරාධනයක් සිදු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අද ඊට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සඳහන් කළේ ජාතික ජන බලවේගය විසින් තමන්ගේ අභියෝගය බාර නොගෙන එයට ප්‍රති අභියෝගයක් කර ඇති බවයි.
නමුත් ජාතික ජන බලවේගයේ අභියෝගය තම පක්ෂය විසින් බාර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ඔවුන් දෙදෙනා විසින් සිදු කරගත් අභියෝගයට අදාළ වීඩියෝව පහතින්.

