ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.නන්දසේන මහතා ඊයේ පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.
ඔහු දීර්ඝ කාලයක් වකුගඩු රෝගයෙන් පෙලුණු බවයි වාර්තා වන්නේ.
මේ අතර නන්දසේන මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සදහා මනාප ලැයිස්තුවේ ඊලගට සිටින වීරසේන ගමගේ මහතා දිවුරුම් දීමට නියමිතයි.
දීර්ඝ කාලයක් උතුරු මැද පලාත් සභාව නියෝජනය කල වීරසේන ගමගේ මහතා එහි කර්මාන්ත අමාත්‍යවරයෙකු ලෙසත් 7 වතාවක් වැඩබලන මහ ඇමතිවරයා ලෙසත් කටයුතු කර තිබෙනවා.

