Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසමෙන් සිදු කළ නවතම දැනුම්දීම

3 years ago

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමට මේ අවස්ථාවේ නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි.

එහි ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු පැවසුවේ මෙරට මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය අනුව එය ප්‍රායෝගික නොවන බවයි.

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමේ සූදානමක් පවතින බවට පැතිර යන දේශපාලන කතාවන්ට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම මැතිවරණ ද්විත්වයම එකම දිනයේ පැවැත්වීමට ඇති ප්‍රායෝගික ගැටලු ගණනාවක්ද ඔහු පෙන්වා දෙන්වා.

ජනාධිපතිවරණය සඳහා නිකුත් කෙරෙන්නේ මුළු දිවයිනටම එක් නිල ඡන්ද ප්‍රත්‍රිකාවක් පමණක් වුවද මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික් 22 ක සඳහා ඡන්ද පත්‍රිකා 22 ක් නිකුත් කිරීමට සිදුවන බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම ක් අවස්ථාවකදී මැතිවරණ දෙකක් සඳහා ඡන්දය භාවිතා කිරීම පිළිබඳව මෙරට ජනතාවට කිසිඳු දැනුමක් නොමැති බවද ඔහු සඳහන් කරනවා.

එමෙන්ම ඇතැම් දේශපාලන පක්ෂ මහ මැතිවරණය සඳහා තරග කළද ජනාධිපතිවරණයේදී ඔවුන් වෙනත් අපේක්ෂකයෙකුට සහය පල කර තරඟ නොකර සිටීම හේතුවෙන්ද යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය හැකියි.

මෙවැනි ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එක් දිනක පැවැත්වීමට සිදු කළ නොහැකි බවයි ඔහු පැවසුවේ.