ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා අතර තවත් සාකච්චාවක් පැවැත්වී තිබේ.
කොළඹ ජනාධිපති නිල නිවසේදී මෙම හමුව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීමෙන් අනතුරුව මින් පෙරද අවස්ථා දෙකකදී ඔවුන් දෙදෙනා හමු විය.
මෙම හමුවේදී ඉදිරි මැතිවරණ සහ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ඇත.
මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත්තේ මහ මැතිවරණයක් පැවත්වීම මේ මොහොතේ රටට හිතකර මෙන්ම ආණ්ඩුවට වාසිදායක වන බවයි.
නමුත් ජනාධිපතිවරයා තමන්ගේ පෙර ස්ථාවරයම දරා ඇති අතර පළමුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම සාකච්ඡාවද අවසන් වී ඇත්තේ එකඟතාවයකින් තොරව වන අතර මීට පෙරද ඔවුන් අතර පැවති සාකච්ඡා අවසන් වූයේ එකගතාවකින් තොරවයි.

