කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය තුළ මේවන විට දැඩි උණුසුම් වාතාවරණයක් අද උදෑසන උද්ගත වී ඇති තිබෙනවා.
පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඇතුළු පිරිසක් පක්ෂ මූලස්ථානයට කඩා වැදීමට උත්සහ කිරීමන් මෙම තත්ත්වය හට ගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් පක්ෂ මූලස්ථානය අවට ආරක්ෂාව තර කොට තිබෙනවා.
ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ වැඳගත් ලිපිගොනු කීහිපයක් අතුරුදහන්ව ඇති බවට එම පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්රපාල මහතා ඊයේ (05) මරදාන පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන හේතුවෙන් කිසිදු පාර්ශවයකට කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙන තත්වයක් තුළ මෙම වාතාවරණය උද්ගතව ඇත්තේ.
පොලීසිය පැවසුවේ මුලික විමර්ශන අවසන් වන තෙක් නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම් වන බවය.

