Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රණවිරුවන්ට හා පොලිස් නිළධාරීන්ට ලැබුණු පොරොන්දුව

3 years ago

සමස්ත රණවිරු ප්‍රජාවගේ සුබසිද්ධිය උදෙසා විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායක් මේ වසර අවසන් වීමට පෙර පිහිටුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ(06) සමගි ජන බලවේගයේ සමගි උත්තමාචාරය, මාතලේ දිස්ත්‍රික් රණවිරු සමුළුව අමතමින්.

මෙම සමුළුවට ත්‍රිවිධ හමුදා රණවිරුවන් මෙන්ම පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්, ඔවුන්ගේ පවුල්වල ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීමේ පදනම සවිමත් කිරීම සඳහා කටුයුතු කළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, විශ්‍රාමික සාමාජිකයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය සඳහා පියවර ගන්නා බවට පොරොන්දු වෙමින් මහතලා රණවිරු ප්‍රකාශයට අත්සන් තැබීමද විපක්ෂ නායකවරයා අතින් මෙහිදී සිදුකෙරුණා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරල්වරු දෙදෙනෙක් මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත සහය පලකරමින් ඔහු සමඟ එකත වුණා.