සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් ජනාධිපතිවරයා වෙත සෘජුවම ඉදිරිපත් කරන ලද සංවර්ධන ව්‍යාපෘති යෝජනාවන් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන නිදහස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව ආචාර්ය හර්ෂද සිල්වා විසින් ඉදිරිපත් කර තිබෙන ව්‍යාපෘති යෝජනා 85 ක් ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් මිලියන පනහකට අධික මුදලක් මුදාහරින ලෙස ජනාධිපතිවරයා මෙලෙස නියෝග කර තිබෙන බව වාර්තා වේ.
ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම සදහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් ඉදිරිපත් කර තිබෙන ව්‍යාපෘති යෝජනාවලට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් ජනාධිපතිවරයා වෙත සෘජුව ඉදිරිපත් කර තිබෙන සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා මුදල් වෙන් කිරීම් යටතේ මෙම මුදල් වෙන් කිරීම සිදු කර තිබේ.

