ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමාවන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 2.6ක් දක්වාත්, ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 3.1 දක්වා වැඩි කර තිබෙනවා.
මින් පෙර ජනාධිපතිවරණය සඳහා යම් අපේක්ෂකයෙකු පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන්නේ නම් රුපියල් 50,000 ක ඇප තැන්පතුවක් සහ ස්වාධීන කණ්ඩායමකින් තරඟ කරන්නේ රුපියල් 75,000 ක ඇප මුදලක් අය කරන ලදි.
මේ අතර මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු සඳහා වන ඇප තැන්පතුව රුපියල් 11,000ක් ලෙසත් ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 16,000 දක්වාත් වැඩි කර තිබෙනවා.
තව ද පළාත් පාලන මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයෙක් සඳහා ඇප තැන්පතුව රුපියල් 6,000 දක්වාත් ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු සඳහා රුපියල් 11,000ක් වන ලෙස එම ඇප තැන්පතු ගාස්තු ඉහළ දමා තිබේ.
ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.

