Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිගෙන් සමගි ජන බලවේග මන්ත්‍රීලා 6කට ලක්ෂ 3566ක්

3 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ දැනුවත් කිරීමකින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතු වලට රුපියල් කෝටි 32කට අධික මුදලක් වෙන්කර තිබේ.

2024 විමධ්‍යගත අය – වැය වැඩසටහනින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති කිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා වලට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා වෙත සෘජුවම ඉදිරිපත් කර ඇති සංවර්ධන ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන නිදහස් කරන ලෙස ඒ අනුව ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව සතිඅන්ත පුවත්පතක් වාර්තා කරනවා.

එම පුවත්පත් වාර්තාවට අනුව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කර ඇතැයි සඳහන් ව්‍යාපෘති යෝජනා 85ක් ක්‍රියාත්මක කිරීමට නිදහස් කර ඇති මුදල රුපියල් 50,200,000.00කි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති 89කට ජනාධිපතිවරයා විසින් වෙන් කර ඇති මුදල රුපියල් 81,677,376.94කි.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති 708ක් සඳහා රුපියල් 100,000,000.00ක මුදලක්ද, සමඟි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නපෙරුමගේ ව්‍යාපෘති 85කට රුපියල් 49,986,250.00ක්ද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී දොස්තර කවින්ද හේෂාන් ජයවර්ධනගේ ව්‍යාපෘති 34 ක් සඳහා රුපියල් 69,000,000.00ක මුදලක්ද සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලකගේ ව්‍යාපෘති 25කට රුපියල් 51,000,000.00ක මුදලක්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කර බේ.

මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විමධ්‍යගත අය වැය වැඩසටහන 2024 සම්බන්ධව නිකුත් කර ඇති අංක MF/02/2023 හා 2023.12.29 දිනැති මුදල් චක්‍ර ලේඛය ඇතුළත් විධිවිධානයන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අදාළ කරගත යුතු බව ජනාධිපති ලේකම විසින් අදාළ මන්ත්‍රීවරයන්ව දැනුවත් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම මෙම ප්‍රතිපාදන යටතේ සිදුකරන වියදම් 2024.07.31 පෙර ගිණුම්ගත කරන ලෙසද දැනුම් දී ඇත.