ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති සහ අගමැති තනතුරු බෙදාගෙන තරග කිරීමට අදාළ යෝජනා සමගි ජන බලවේගයට ලැබී තිබෙන බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව එක් ප්‍රධාන පෙළේ පක්ෂයකින් ලැබී තිබෙන යෝජනාවක් අනුව ජනාධිපති තනතුර සහ අගමැති තනතුර බෙදා ගැනීමට යෝජනා කර ඇතැයි සඳහන්ය.
එහෙත් ඒ කිසිදු යෝජනාවකට සමගි ජන බලවේගය ප්‍රතිචාර නොදක්වන බව මහ ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.
ඉතා දුෂ්කර ලෙස ගොඩනගන ලද සිය පක්ෂයේ ජයග්‍රහණය වෙනත් පක්ෂ සමඟ බෙදා ගැනීමට සමගි ජන බලවේගයට කිසිදු අවශ්‍යතාවක් නැති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

