Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැයි පළමුවනදා මලිමාව හතරට බෙදෙයි! සජබය ඉල්ලූ තැන මාලිමාවට දීලා!

3 years ago

ජාතික ජනබලවේගය මෙවර මැයි දින රැළිය ස්ථාන හතරක පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ, මාතර, අනුරාධපුර සහ යාපනය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ඔවුන් මැයි රැළි 4ක් සංවිධානය කර තිබෙනවා.

නමුත් මැයි රැළි පැවැත්වෙන ස්ථාන සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර සිය මැයි දින රැළිය පැවැත්වීමට ගාලු මුවදොර පිටිය ලබා දෙන ලෙසට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද එය ලබා නොදුන් බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ පවසනවා.

ඔහු සඳහන් කරන්නේ සිය මැයි රැළිය සඳහා ටවුන්හෝල් පරිශ්‍රය ඉල්ලා සිටිය ද එය ජාතික ජනබලවේගය වෙත ලබා දීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි.