හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද පවසනවා.
එසේම මහ මැතිවරණය වෙනුවෙන්ද තම පක්ෂයෙන් අපේක්ෂකයන් දිස්ත්‍රික්ක විසිදෙකටම ඉදිරිපත් කරන බව සඳහන් කළ හෙතෙම දූෂණයට විරුද්ධ මැති ඇමතිවරුන් රැසක් තම පක්ෂය වටා එකතුවීමට නියමිත බවද පවසනවා
ඔහු මෙසේ පැවසුවේ බලපිටියේ පැවති රැස්වීමකදීය.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ පසුගිය කාලයේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ආන්දෝලන පුවත් රැසක් නිර්මාණය කල චරිතයක්ද වුණා.

