නලින් බංඩාර විසින් ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය අතර ආර්ථික ක්ෂේත්රයේ විවාදයකට එන්න කියා සහෝදරයන්ට අභියෝග කළ අවස්ථාවේ ආර්ථික විශේෂඥයන්ගේ විවාදයෙන් සහෝදරවරු පැන ගොස්, නායකයන් අතර විවාදයකට එන්න කියා නැවත අභියෝග කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මැයි මාසය තුළ මේ විවාද දෙකම පැවැත්වීමට සමගි ජන බලවේගය සුදානම් බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 163 වැනි අදියර යටතේ අද හම්බන්තොට වීරකැටියේ ඕකන්දයාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායාකවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියා.
ආර්ථික විශේෂඥයන් මෙන්ම නායකයන් අතර විවාදයටත් සමගි ජන බලවේගය සූදානම් බවත් මින් පැන නොයන ලෙසත් මේ අභියෝග දෙකම බාර ගන්නා ලෙසත් විපක්ෂනායකවරයා එහිදී නැවත වරක් ජාතික ජන බලවේගය වෙත අභියෝග කළා.
නිවටයන් මෙන් පැන නොයන ලෙසයි විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

