Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිගේ මූලිකත්වයෙන් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්! දේශපාලන තීන්දු රැසක් ගනී!

3 years ago

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සහභාගීවී ඇති බව වාර්තා විය.

එහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ සියලු මැතිවරණ කොට්ඨාස සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීම කෙරෙහි විශේෂ අවදානයක් යොමුවී තිබෙනවා.

ඉදිරි මැතිවරණවලදී දේශපාලන පක්ෂ වශයෙන් ගනු ලබන තීන්දු තීරණ සහ නිශ්චිත එකඟතාවලට එළඹීම සම්බන්ධයෙන් ද මෙහිදී අවදානය යොමුවී ඇති තිබුණා.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් සදහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමඟ කටයුතු කිරීමට තීරණය කළ බවයි.