දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ විලී ගමගේ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු මැයි දෙවන දා සිට සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ අප්‍රේල් 8 වනදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරමිනි.
ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඔහුට ජනාධිපති උපදේශක ධූරයක් ලබාදීමට යෝජනා වී තිබුණද ඔහු එම ධූරයද ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.
ඔහු මේ වන විට කටයුතු කරනු ලබන්නේ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි.
ඔහුව දකුණු පළාත් ආණ්ඩුකාරධූරයට පත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී වජර අබේවර්ධන හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් ඉල්ලීම් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එමෙන්ම ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති නසීර් අහමඩ් පත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ.
මෙම පත් කිරීම් මැයි මාසයේ සිට බලාත්මක වන බව වැඩිදුරටත් සඳහන්.

