තමන් දකුණු කොරියාවේ පදිංචියට යන බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
දකුණු කොරියාවේ හෝ ලෝකයේ වෙනත් කිසිඳු රටකට පදිංචියට යෑමට තමන්ට අවශ්‍ය නොවන බවයි ඔහු පවසන්නේ.
දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයනු ලබන එවැනි අසත්‍ය ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ඔහු පවසන්නේ.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර සිටිනවා.

