පාර්ලිමේන්තුව හෙට දිනයේ විසුරුවා හැරීමේ සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය හරහා වාර්තා පළ වෙමින් පවතිනවා.
නමුත් විශ්වාසදායක දේශපාලන ආරංචිමාර්ගයක් සඳහන් කළේ එම පුවතෙහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවයි.
පසුගියදා ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ අතර ඉදිරි මැතිවරණ හා වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබුණි.
එම සාකච්ඡාවෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ හදිසියේම ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවීම දේශපාලන ලෝකය තුළ කාගේත් අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත්විය.
අදාළ සාකච්ඡාවේ දී මෙරට දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවද සඳහන්.
එවැනි පසුබිමක පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වාර්තා පළ වීම විශේෂත්වයකි.
මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වයෙන් දිගින් දිගටම ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ලැබෙමින් පවතින බවයි.
නමුත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඒ සඳහා සුබවාදී ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

