Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැයි පළමුවනදා සිට කම්කරු ඇමති වෙනස් වෙයි! කම්කරු අමාත්‍යංශයත් අවසන්!

3 years ago

එළබෙන මැයි පළමුවැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනයේදී කම්කරු අමාත්‍යාංශය යන වචනය රැකී රක්ෂා අමාත්‍යාංශය ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසුවා.

වැරහැලි ඇඳගත් ‘කම්කරුවා’ ස්මාර්ට් වැඩ්ඩෙක් කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව මැයි පළමුවනදා සිට කම්කරු අමාත්‍යාංශයේ නම රැකී රක්ෂා අමාත්‍යාංශය වශයෙන් වෙනස් කරන බව අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව කම්කරු අමාත්‍යරයා ලෙස මැයි රැළියක් අමතන අවසන් පුද්ගලයා තමන් වනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඊයේ(28) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළා.