මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ ක්ෂණික විහිඳුම් යතුරුපැදි බලකායේ විසරයාමේ උත්සවයේදී අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින්.
එම උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා සඳහන් කළේ අපරාධකරුවන් මර්දනය සඳහා ගිනි අවි භාවිතය සඳහා පසු බවට නොවන ලෙසයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ සංගමය පවසන්නේ ඊයේ දිනයේ පැවති සිය මහා සභාවේ දී යෝජනාවක් සම්මත කරගත් බවයි.
ඒ අනුව උක්ත ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළකරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ක්‍රියාමාර්ගවලින් තොර අත්තනෝමතික දණ්ඩනය දිරිගන්වන ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා කරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහි යෝජනාවක් සම්මත කරගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ අමාත්‍යවරයා වහාම එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බවයි.
අමාත්‍යවරයා දිගින් දිගටම මෙවැනි ප්‍රකාශය සිදු කරන බැවින් ඔහු මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය දැරීමට නුසුදුසු බවත් ඔහුව වහාම අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙසත් නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

