සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් මාර්තු මාසයට අදාළ තම ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵල වාර්තාව නිකුත් කර තිබෙනවා.
එම නව වාර්තාවට ජනාධිපතිවරණයේදී අනුව අනුර කුමාර දිසානායක මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර තිබූ පරතරය අඩුවී තිබෙනවා.
එහිදී ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට හිමි වී ඇති කැමැත්ත 44%ක්.
නමුත් ඔහුට පෙබරවාරි මාසයේදී සියයට හතළිස් හයක කැමැත්තක් හිමිව තිබුණා.
එමෙන්ම සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඇති ජනතා ප්‍රසාදය සියයට දෙකකින් ඉහළ ගොස් ඇති අතර ඔහුට මෙවර හිමිව ඇති ප්‍රතිශතය 41%කි.
එම සමීක්ෂණ වාර්තාවට අනුව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 8%ක ජනතා ප්‍රසාදයක් හිමිව පවතිනවා.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට හිමිව ඇත්තේ 7%ක ජන ප්‍රසාදයකි.
මෙම සමීක්ෂණය සඳහා මේ දක්වා පුද්ගලයින් 16,248 දෙනෙකු සහභාගී කරවාගෙන තිබේ.


